තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

Table of Contents

පද්ධති – Systems #

Management Information Systems Development Methodology – RAD Corporation

පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා නිරන්තර අන්තරු ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන සංඝටක සමූහයක එකතුවකි.

උදා:

රුධීර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, පාසල් පද්ධතිය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, පාර සකස් කරන යන්ත්‍රය.

මේ අනුව පද්ධතියක් යන්න නිර්වචනය කිරීමේදී අවධානය යොමු කළ යුතු මූලික කරුණු  03 කි.

  1. පද්ධතියේ අරමුණ
  2. අන්තර් ක්‍රියාකාරීත්වය
  3. පද්ධතියේ සංඝටක

පද්ධතියක මූලික සංඝටක #

  1. ආදාන – Input
  2. ක්‍රියාවලිය – Process
  3. ප්‍රතිදානය – Output

පද්ධතියක ආදාන සැකසීමට භාජනය කිරීම (ක්‍රියාවලිය) මගින් ප්‍රතිදාන ලැබේ.

පද්ධති කිහිපයක් විශ්ලේෂණය කර බලමු.

පාසල් පද්ධතිය #

අරමුණ              :

ගුණයෙන් නැණයෙන් පිරිපුන් වැඩදායී පුරවැසියෙකු දායාද කිරීම.

ආදාන               :

  • මානව සම්පත් :
    • විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරු, සිසුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය.
  • භෞතික සම්පත් :
    • ගොඩනැඟිලි, ඩෙස් පුටු, පංති කාමර, විද්‍යාගාර, ක්‍රීඩාංගන, පිහිණුම් තටාක

ක්‍රියාවලිය          :

විදුහලේ විදුහල්පති ගේ නායකත්වය යටතේ අනෙකුත් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් සිසු දරුවන් එකිනෙකා තම කාර්ය භාරය සිදු කරමින් අන්තර් ක්‍රියාකාරීත්වයක යෙදීම මගින්, ඉගෙනුම් ඉගැන්වීම්, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ආදාය මගින් සිසු දරුවන්ව අරමුණ කරා ලඟා කරවීමට අවශ්‍ය කටයුතු කිරීම.

ප්‍රතිදානය           :

ගුණයෙන් නැණයෙන් පිරිපුන් වැඩදායී පුරවැසියෙක්.

කාලගුණ පුරෝකතන පද්ධතිය #

අරමුණ        :

නිවැරදි කාළගුණ අනාවැකියක් ප්‍රකාශ කිරීම

ආදාන         :

සුලඟේ වේගය, වායු ගෝලීය පීඩනය, සුලං දිශාව, ආර්ද්‍රතාවය, චන්ද්‍රිකා දත්ත ආදිය…

ක්‍රියාවලිය   :

ඉහතින් ලබාගත් දත්ත කාලගුණ විද්‍යාඥයින් සහ පරිගණක, විද්‍යාත්මක උපකරණ මගින් ගණනය කිරීම් වලට ලක් කිරීම.

ප්‍රතිදානය     :

නිවැරදි කාලගුණ අනාවැකියක් නිකුත් කිරීම.

  • මෙසේ පද්ධතියක් තුලින් ලැබෙන ප්‍රතිදාන එනම් තොරතුරු වැදගත් වන්නේ, එම තොරතුරු තීරණ ගැනීම සඳහා උපකාරී වන බැවිනි.
  • මේ නිසා මිනිසා විසින් ගනු ලබන තීරණ, වඩාත් ගුණාත්මත තොරතුරු මගින් පහසු කරයි. එබැවින් ගුණාත්මක තොරතුරු නිර්මාණය කර ගැනීමට තොරතුරු පද්ධති උපයෝගී කරගනී.

තොරතුරු පද්ධති #

දත්ත, තොරතුරු බවට පත් කරනු ලබන පද්ධති තොරතුරු පද්ධති ලෙස හැඳින්වේ.

තොරතුරු පද්ධති ප්‍රධාන ආකාර 02 කි.

  1. අත්යුරු තොරතුරු පද්ධති (Manual Information Systems)
  2. පරිගණක පාදක තොරතුරු පද්ධති (Computer Based Information Systems)

අත්යුරු තොරතුරු පද්ධති (Manual Information Systems) #

සියලුම සැකසුම් පුද්ගලයින් විසින් අතින් සකස් කිරීම සිදු කරනුලබන තොරතුරු පද්ධති වේ.

උදා :-

  • පාසලක අතුයුරු ශිෂ්‍ය තොරතුරු පද්ධතිය.
  • කාර්යාලයක අත්යුරු සේවක තොරතුරු පද්ධතිය.
  • රෝහලක රෝගීන්ගේ අත්යුරු තොරතුරු පද්ධතිය.

පරිගණක පාදක තොරතුරු පද්ධති (Computer Based Information Systems) #

පරිගණක ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත් කරනු ලබන තොරතුරු පද්ධති මෙසේ හැඳින්වේ.

උදා :-

  • පාසලක පරිගණකගත ශිෂ්‍ය තොරතුරු පද්ධතිය.
  • පුස්තකාලයක පරිගණකගත තොරතුරු පද්ධතිය.
  • සුපිරි වෙළඳසැලක පරිගණකගත තොරතුරු පද්ධතිය.
ක්‍රියාකාරකම 1

දැනට ඔබ පාසලේ පුස්තකාලය තුළ ඇත්තේ අත්යුරු තොරතුරු පද්ධතියක් වේ. එය පරිගණක පාදක පුස්තකාල පද්ධතියක් ලෙස නවීකරණය කිරීමට විදුහල්පති විසින් තීරණය කර ඇත. එමගින් පාසලට (පුස්තකාලාධිපති සහ පරිපාලනයට) සහ ඔබට ලැබෙන වාසි වෙන වෙනම ලියන්න.

අත්යුරු තොරතුරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති අතර වෙනස්කම්. #

අත්යුරු තොරතුරු පද්ධති
  • මිනිසා විසින් හස්තීයව තොරතුරු සැකසීම සිදුකරන නිසා දොෂ ඇතිවීමේ හැකියාව වැඩි වේ.
  • තොරතුරු සැකසීමට වැඩි කාලයක් වැය වේ.
  • තොරතුරු ගබඩා කිරීමට රාක්ක, කබඩ්, විශේෂ කාමර වැනි විශාල ඉඩක් වැය වේ.
  • ස්වභාවික ආපදා, විවිධ ව්‍යසන වලට ලක් වී දත්ත හානීවීමට ඇති ඉඩ වැඩි වේ.
  • තොරතුරු සැකසීමට විශාල ශ්‍රමයක් වැය වේ.
  • උපස්ථ පිටපත් / අනුපිටපත් සීමා සහිත මෙන්ම ලබා ගැනීම අසීරුයි.
  • නඩත්තු පිරිවැය අධිකයි.

 

පරිගණක පාදක තොරතුරු පද්ධති
  • පරිගණක මගින් දත්ත සැකසීම නිසා දෝෂ ඇතිවීම අවම වේ.
  • තොරතුරු සැකසීමට වැය වන්නේ ඉතා අඩු කාලයකි.
  • ඉතා කුඩා ඉඩක වුවද විශාල තොරතුරු ප්‍රමාණයක් ගබඩා කළ හැකිය. (1GB මතක කාඩ් පතක A4 ප්‍රමාණයේ පිටු 500 000 ක් ගබඩා කළ හැක.)
  • ස්වභාවික ආපදා, විවිධ ව්‍යසන වලට ලක් වී දත්ත හානීවීමට ඇති ඉඩ අඩු වේ.
  • ඉතා අඩු ශ්‍රමයකින් විශාල කාර්යයක් සිදුකළ හැකියි.
  • ඉතා පහසුවෙන් අනු පිටපත් ලබා ගත හැකි අතර, ඕනෑම ප්‍රමාණයක් අනුපිටපක් ලබා ගත හැක.
  • සාපේක්ෂව පිරිවැය අවම වේ.

පද්ධති සංවර්ධන ක්‍රමවේද #

තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය ලෙස “පද්ධති සංවර්ධන ජීවන චක්‍රය – System Development Life Cycle – SDLC” හඳුන්වා දිය හැකි ය.

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය (SDLC) පියවර 06 කින් සමන්විත වේ.

  1. අවශ්‍යතා හඳුනා ගැනීම.
  2. විසඳුම් සැලසුම් කිරීම.
  3. විසඳුම් කේතකරණය කිරීම.
  4. විසඳුම් පරික්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම.
  5. පද්ධතිය පිහිටුවීම.
  6. පද්ධතිය නඩත්තු කිරීම.

01. අවශ්‍යතා හඳුනා ගැනීම – Identification of requirements. #

මෙහිදී පද්ධති ව්ශ්ලේෂක (System Analyst) විසින් අපේක්ෂිත නව පද්ධතිය සම්බන්ධයෙන් පද්ධතියේ අරමුණු, ප්‍රතිලාභ, කාර්යක්ෂමතාවය පිළිබඳ ආයතනයේ සේවකයින්, කලමණාකරුවන් සමග එක්ව ලිඛිත සටහන් පිළියෙල කරයි.

එහිදී ඉලක්ක කණ්ඩායම් වල අවශ්‍යතා හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු රැස් කළ යුතු වේ. එම තොරතුරු රැස් කරන ක්‍රමවේද කිහිපයකි.

  1. නිරීක්ෂණය (Observation)
  2. සම්මුඛ සාකච්ඡා (Interview)
  3. ප්‍රශ්නාවලි (Questionnaire)
  4. වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය (Document Sample Collection)
  5. මූලාදර්ශ (Prototyping)

02. විසඳුම් සැලසුම් කිරීම. (Designing the Solution) #

නව පද්ධතියේ විවිධ කාර්යයව් සැලසුම් කිරීම මෙම පියවරේ ප්‍රධාව අරමුණයි.

පද්ධති සැලසුම්කරණයට අයත් කාර්යයන් #

  • මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම.
  • අතුරු මුහුණත් හා දත්ත ගබඩා සැකසුම හඳුනා ගැනීම හා ඒවායේ යටිතල ව්‍යුහය නිර්මාණය කිරීම.
  • ප්‍රධාන දෘඩාංග පද්ධති සහ ඒවායේ සංඝටක හඳුනා ගැනීම.
  • පද්ධතියේ ක්‍රියාත්මක කිරීමට උචිත දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම.
  • පරීක්ෂණ සැලසුම් කිරීම.

03. විසඳුම් කේතකරණය කිරීම. – Coding of the Solution #

  • සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන ක්‍රමලේඛක විසින් සැලසුම් කරන ලද පද්ධතිය කේතකරණය කිරීම මෙම පියවරේදී ප්‍රධාන අරමුණයි.
  • නිවැරදි කේතකරණය, පද්ධතිය පරික්ෂා කිරීමට හා නඩත්තු සඳහා යව වියදම සහ කාලය අවම කරයි.

04. විසඳුම් පරික්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම – Testing and Debugging #

පද්ධතිය පරික්ෂාවට ලක් කර එහිදී හඳුනාගන්නා දෝෂ නිවැරදි කිරීම මෙම පියවරේදී සිදු කරයි.

මෙහිදී දෝෂ සිදුවිය හැකි ආකාර කිහිපයකි.

  • කේත කරණයේ දෝෂ – Coding Errors
  • සැලසුම් දෝෂ – Planning Errors
  • අවශ්‍යතා දෝෂ – Requirement Errors

ඉහත දෝෂ අනාවරණය කර ගැනීමට විසඳුම් පරික්ෂා කිරීමේ ක්‍රමවේද කිහිපයක් ඇත.

Importance of Unit Testing - DZone Performance

  1. ඒකක පරික්ෂාව – Unit testing
  2. සමස්ථ පරික්ෂාව – Integrated testing
  3. පද්ධති පරික්ෂාව – System testing
  4. ප්‍රතිග්‍රහණ පරික්ෂාව – Acceptance testing

01. ඒකක පරික්ෂාව – Unit Testing #

Is unit testing functional or non-functional testing? - The Official 360logica Blog

පද්ධතියේ ඒකක වෙන වෙන ම පරික්ෂා කෙරේ. පරික්ෂා කරන ඒකකය තුළ ආදානයට අදාළ ප්‍රතිදානය ලැබේ දැයි පරික්ෂා කෙරේ.

කාර්යාලකක් තුළ ගිණුම් ශාඛාව, ආයතන ශාඛාව ආදී ශාඛා වෙන වෙනම පරික්ෂා කිරීම මේ සඳහා උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක.

වැඩිදුර කියවීමට https://www.xenonstack.com/insights/what-is-unit-testing

02. සමස්ථ පරික්ෂාව – Integrated Testing #

Acknowledging Data Management Best Practices with DataOps

ඒකක පරික්ෂාවෙන් අනතුරුව එක් එක් ඒකක නිසි ලෙස ඒකාබද්ධ කර පරික්ෂාවට ලක්කිරීම සමස්ථ පරික්ෂාව ලෙස හඳුන්වනු ලබයි.

වැඩිදුර කිවීමට https://www.xenonstack.com/insights/what-is-integration-testing

03. පද්ධති පරික්ෂාව – System Testing #

Acknowledging Data Management Best Practices with DataOps

සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදාන ලැබේදැයි පරික්ෂා කෙරේ.

අවදානම් සහිත අවස්ථා, මෙහෙයුම් පද්ධති සමග අන්තර්ක්‍රියා ආදිය පිළිබඳ සැලකිලිමත් වේ.

වැඩිදුර කියවීමට https://www.xenonstack.com/insights/what-is-system-testing

04. ප්‍රතිග්‍රහණ පරික්ෂාව – Acceptance Testing #

Acknowledging Data Management Best Practices with DataOps

ඉහත පරික්ෂා සියල්ල අවසානයේ දී සිදු කෙරෙන අවසන් පරික්ෂාව මෙය වේ. මෙම පරික්ෂාවේදී පරිශිලකයාට පද්ධතිය භාවිත කිරීමට ඉඩ සලසනු ලැබේ. මෙහිදී පරිශීලකයා යෝජිත පද්ධතිය අනුමත කිරීම හෝ නිවැරදි කළ යුතු දෑ පෙන්වීම සිදු කරයි.

වැඩිදුර කියවීමට https://www.xenonstack.com/insights/what-is-user-acceptance-testing

05. පද්ධතිය පිහිටුවීම – Deployment of the system #

පද්ධතියේ ඇති දෝෂ නිවැරදි කිරීමෙන් පසුව පද්ධතිය පිහිටුවීම සිදු කෙරේ, මෙහිදී නිර්මාණය කරන ලද පද්ධතිය අවශ්‍යතා මත පිහිටුවන ආකාර කිහිපයකි.

  1. සෘජු පිහිටුවීම – Direct Deployment
  2. සමාන්තරව පිහිටුවීම – Parallel Deployment
  3. නියමුමය පිහිටුවීම – Pilot Deployment
  4. අදියරමය පිහිටුවීම – Phased Deployment

01. සෘජු පිහිටුවීම – Direct Deployment #

 

මෙහිදී පැරණි පද්ධතිය සම්පූරුණයෙන්ම ඉවත් කර නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සිදු කරයි. නව පද්ධතිය සාර්ථක නම් පැරණි පද්ධතියේ භාවිතය නවතා දමයි.

02. සමාන්තරව පිහිටුවීම – Parallel Deployment #

පවතින පද්ධතිය හා නව පද්ධතිය යම් නිශ්චිත කාලයක් තුල සමාන්තරව පවත්වාගෙන යනු ලැබේ. නව පද්ධතිය සාර්ථක වන්නේ නම් පැරණි පද්ධතිය නවතා නව පද්ධතිය ක්‍රියාවට නංවනු ලැබේ.

03. නියමුමය පිහිටුවීම – Pilot Deployment #

නව පද්ධතිය, කුඩා පරිමාණ ක්ෂේත්‍රයක මුලින් ස්ථාපනය කර, සාර්ථක වන්නේ නම් පසුව අනෙකුත් ක්ෂේත්‍රයහි ද ස්ථාපනය කිරීම මෙහිදී සිදු වේ.

04. අදියරමය පිහිටුවීම – Phased Deployment #

මෙහිදී පැරණි පද්ධතිය අදියරමය වශයෙන් නව පද්ධතිය මගින් ස්ථාපනය කෙරේ.

06. පද්ධතිය නඩත්තු කිරීම – Maintenance of the system #

නව පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීමේ දී පද්ධති නඩත්තුව නිසි ලෙස සිදු කළ යුතු අතර මෙම අදියරේදී සංවර්ධිත පද්ධතියට සිදු කළ හැකි වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ.

  • අලුතින් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය නිර්මාණය.
  • පද්ධති පරීක්ෂණයේදී හඳුනා නොගත් නමුත් පද්ධතිය ක්‍රියාවට නැංවීමේ දී හඳුනා ගත් සුළු ගැටලුවලට පිළියම් යෙදීම.
  • නව තාක්ෂණයේ දියුණුව පද්ධතියට යොදා ගැනීම මගින් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහල දැමීම.

මීට අමතරව, පද්ධතිය නඩත්තු කිරීමේදී, පරිගණක, පරිගණක මෘදුකාංග, දෘඩාංග සහ පරිගණක ජාල නඩත්තු කිරීමද සිදු කරයි.

පද්ධති සංවර්ධන ආකෘති #

පද්ධති සංවර්ධන ජිවන චක්‍රය තුළ දැකගත හැකි පහත දැක්වෙන විවිධ ආකෘති මගින් පද්ධති සංවර්ධනය කිරීමේ ක්‍රමවේදය විවිධාකාර ලෙස ක්‍රියාත්මක වේ.

  • දියඇලි ආකෘතිය – Waterfall Model
  • පුනර්කරණ වෘද්ධි ආකෘතිය – Interactive Incremental Model
  • මුලාදර්ශ ආකෘතිය – Prototype Model
  • සර්පිල ආකෘතිය – Spiral Model

දියඇලි ආකෘතිය – Waterfall Model #

Using Waterfall Methodology for Your Business | Infinity

පද්ධති සංවර්ධන ජිවන චක්‍රයේ පියවර රේඛිය ලෙස ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදුවේ. මෙය කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් සඳහා උදාහරණයකි.

මෙම ආකෘතිය යටතේ පළමුව අවශ්‍යතා හොඳින් හඳුනා ගත යුතු අතර එක් පියවරක් සම්පුර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ වේ. ඒ අනුව සංවර්ධිත පද්ධතියේ අවසාන ප්‍රතිඵලය දැක ගැනීමට හැකි වන්නේ අවසාන අදියරේදී බැවින් පද්ධතිය මගින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් වුවද ලැබිය හැකිය.

පුනර්කරණ වෘද්ධි ආකෘතිය – Interactive Incremental Model #

File:Iterative development model.svg - Wikimedia Commons

  • පද්ධති සංවර්ධනයේදී එක් වතාවකට කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වේ.
  • සැම පුනර්කරණයක දීම වැඩි දියුණු වන්නා වූ ආකාරයට පද්ධතිය සංවර්ධනය වේ.
  • පද්ධති සංවර්ධකයන් හට පෙර පියවරයන්හි ලබාගත් දැනුම භාවිතයට ගත හැක.
  • ප්‍රධාන පියවර, පද්ධතියේ අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීම මගින් ආරම්භ වේ.
  • පද්ධතිය සම්පුර්ණයෙන්ම සංවර්ධනය වන තුරු පුනර්කරණය වෙමින් වැඩි දියුණු වේ.
  • සැම පුනර්කරණයක දීම පද්ධති සැලසුමෙහි වෙනස්කම් සිදු කෙරෙන අතර නව ක්‍රියාකාරිත්වයන් එකතු වේ.

මෙම ලිපිය පිළිබඳ ඔබේ ප්‍රතිචාර පහතින් Comment කරන්න.

Powered by BetterDocs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *