I started this Computer Education Training School for the benefit of children in rural areas with the objective of developing their computer literacy and thereby eliminating the digital divide in our country and developing digital literacy. 

 

At a time when the world is currently gripped by the COVID-19 epidemic, a large number of students in the country have been disrupted in their education. And many lost their jobs. However, children as well as institutions with ICT tools and skills have done their work in different ways through the Internet with the help of information technology. But without the ability or knowledge to do so, many found it difficult to pursue their education or employment. 

 

But I think more than 90% of the total population uses smartphones. But only a handful take full advantage of it. Many people use these phones to make phone calls, watch videos, take photos and gossip on social media. But many who spend this difficult time have come to realize the benefits of using this device properly. But it is still no secret that our young children spend their time in rural areas using mobile phones as culverts, alleys or with friends. 

 

Our endeavor is to show these children the proper use of ICT and to produce a group of talented IT savvy children who will successfully pursue their education and pursue higher education and employment.

 

Wise parents think for a moment. Today we have given the child the mobile phone that we said no to then. We know that because you have no choice. Technology will pass us by very fast and move forward. To overcome that technological revolution and move your child forward, it is very important to learn how to use the mobile phone or computer or internet that you gave your child. Otherwise, your child will inevitably be trapped and tempted to do wrong. Do not delay. Teach your child proper IT knowledge. Then your child will move desperately into the world of future technology. 

 

The decision is yours ….. 

 

Nuwan Jeewantha

Director

VIDASNA ICT COLLEGE

———————————————————————-

ග්‍රාමීය ප්‍රදේශයක් තුළ සිටින දූ දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීම සහ ඒ තුළින් අප රට තුළ පවතින අංකිත බෙදුම තුරන් කර අංකිත සාක්ෂරතාව සංවර්ධනය කිරී‍ම අරමුණු කර ගනිමින් මා විසින් මෙම පරිගණක අධ්‍යාපන පුහුණු පාසල ආරම්භ කරන ලදි. 

 

වර්තමානය වන විට COVID – 19 වසංගතයෙන් මුළු ලොවම වෙලාගනෙ සිටින මොහොතක රටේ මුළු සිසු ගහනයෙන් විශාල ප්‍රමාණයකට තම අධ්‍යාපන කටයුතු අඩාල විය. තවද බොහෝ දෙනෙකුට තම රැකියා අහිමි විය. නමුත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සහ හැකියාව ඇති දරුවන් මෙන්ම ආයතන ද තම කටයුතු වෙනස් ක්‍රමවේද ‍ඔස්සේ අන්තර්ජාලය හරහා තොරතුරු තාක්ෂණයේ පිහිටෙන් සිදු කරගත්හ. නමුත් එසේ කිරීමට හැකියාවක් හෝ දැනුමක් නොමැති කමින් බොහෝ පිරිසකට තම අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු ආදිය කිරීම දුෂ්කර විය. 

 

නමුත් මුළු ජනගහනයෙන් 90% කටත් වඩා මා හිතනා හැටියට ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරයි. නමුත් එය මගින් නිසි ප්‍රයෝජන ගන්නේ ඉතාමත් අතලොස්සක් පමණකි‍. බොහෝ දෙනෙකු මෙම ජංගම දුරකතන යොදා ගන්නේ දුරකතන ඇමතුම් ගැනීමට, වීඩියෝ බැලීමට, ඡායාරූප ගැනීමට සහ සමාජ ජාල හරහා ඕපාදූප කතා කරමින් කාලය කා දැමීමට වේ. නමුත් මෙම උපාංගය නිසි පරිදි පරිහරණය කිරීමෙන් ‍කොතරම් ප්‍රයෝජන තිබේ දැයි මේ දුෂ්කර කාලය ගත කරන බොහෝ පිරිසකට අවබෝධ වන්නට විය. 

 

නමුත් තවමත් අපගේ තරුණ දරුවන් ගම් ප්‍රදේශ වල බෝක්කු, මං සංදි හෝ මිතුරන් හා එක්ව ජංගම දුරකතන අයතා ලෙස පරිහරණය කරමින් තම කාලය කා දමන බව රහසක් නොවේ. 

 

අපගේ ප්‍රයත්නය එම දරුවන් හට තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නිසි භාවිතය පෙන්වා දීම සහ ඒ තුළින් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර, උසස් අධ්‍යාපනය ලැබීමේදීත්, රැකියාවකට යාමේදීත් පසු නොබස්නා දක්ෂ තොරතුරු තාක්ෂණ දැනුමින් පිරිපුන් ග්‍ර‍ාමීය දරු පිරිසක් බිහි කිරීමයි. 

 

බුද්ධිමත් දෙමාපියනි මොහොතක් සිතා බලන්න. එදා අප එපා යැයි කියූ ජංගම දුරකතනය අද දරුවාට අප විසින්ම ලබා දී තිබේ‍. ඒ ඔබට වෙන කළ හැකි දෙයක් නැති බැවින් බව අප දන්නෙමු‍. තාක්ෂණය ඉතා වේගයෙන් අප පසුකර ඉදිරියටම ගමන් කරනු ඇත. එම තාක්ෂණික විප්ලවය ජය ගනිමින් ඔබේ දරුවා ඉදිරියට යැවීමට නම් ඔබ දරුවාට ලබාදුන් ජංගම දුරකතනය හෝ පරිගණකය හෝ අන්තර්ජාල යහ භාවිතය පිළිබඳ ඉගෙනීම ඉතා වැදගත් වේ. එසේ නොවුන තැන ඔබේ දරුවා එහි අතරමන් වී වැරදි දේ කිරීමට පෙළඹීම වැලැක්විය නොහැක. 

 

පමා නොවන්න. ඔබේ දරුවාට නිසි ‍තොරතුරු තාක්ෂණ දැනුම ලබා දෙන්න. එවිට ඔබේ දරුවා අනාගත තාක්ෂණ ලෝකය තුල මංමුලා නොවී ගමන් කරනු ඇත.

 

තීරණය ඔබ සතුයි…..

 

නුවන් ජීවන්ත

අධ්‍යක්ෂක

විදැස්නා පරිගණක පුහුණු පාසල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *